Thursday, May 9, 2024

General line - 0115112241

සභාග ආණ්ඩුව ගැන ඒකාබද්ධයෙන් ජනපතිට යෝජනාවක්

ප‍්‍රගීත් ජානක/සජිත් තිලකරත්න 




සභාග ආණ්ඩුවක් පිහිටුවීමට පෙර ජනාධිපතිවරයා කළ යුතු බොහෝ දේ ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

තවදුරටත් භාරකාර ආණ්ඩු හෝ සභාග ආණ්ඩු වලට එකග වීමේ බරපතල ගැටළු තියෙනවා. ජනාධිපතිතුමා කියන කතා විශ්වාස කරන්න අපි සුදානම් නැහැ. රට උඅන ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න අපි සුදානම්. හැබැයි ජනාධිපතිවරයා තමාගේ වචන වලින් නෙමෙයි, මේ සියල්ල ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ යැයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායකගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මෙලෙස අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායකගේ කොළඹ පිහිටි නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඉකුත්දා පවත්වා ඇති බවට නෙත් නිවුස් අද උදෑසන 06.25 ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් කරුණු අනාවරණ කළා.