Thursday, May 9, 2024

General line - 0115112241

දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට අයත් අලෙවිසැල් 80ක් වසා දාලා

හේමන්ත කහවලගේ




දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට අයත් අලෙවිසැල් 80ක් මේ වනවිට භාවිතයට නොගෙන වසා දමා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඊට හේතුව ලෙස අනාවරණ වුණේ ඒවා භාවිතයට ගැනීමට තරම් සුදුසු මට්ටමක නොමැති වීමයි. භාවිතයට ගත හැකි මට්ටමේ අලෙවිසැල් දැනට ක‍්‍රියාත්මක වන්නේ 20ක් පමණයි. 

මෙම පොදු වෙළඳ සංකීර්ණය දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව යටතේ පාලනය වනවා. මහ නගර සභාවේ කාලය මීට පෙර අවසන් වූ සමයේ කොමසාරිස්වරයෙකු යටතේ එය පාලනය වී තිබුණා.

අලෙවිසැල්වල කුළී ගාස්තු එම කාලයේදී ඉහළ දමා තිබූ බවටද වාර්තා පළ වනවා. එහෙත් ඉකුත්දා පැවති මැතිවරණයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි බලයට පත්වීමෙන් පසු එම ගාස්තු සියයට 50කින් අඩු කෙරුණා. 

මෙවන් පසුබිමක් තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ දේශපාලඥයෙකු ඇතුළු කණ්ඩායමක් ඉකුත්දා දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව ඇති බවට ද වාර්තා පළ වනවා. මෙම වෙළඳ සංකීර්ණය කඩා ඉවත් කිරීම ඔවුන්ගේ සැලසුම වී ඇති බවට ද වෙළඳසැල් හිමියන් බිය පළ කර ඇති බවයි වාර්තා වුණේ. 

ඒ අනුව නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් දෙහිවල - ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම වෙළඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමක් හෝ වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීමක් හෝ සිදු නොකරන බවයි. ලබන වසර වනවිට මහල් 08කින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකරන බවද නගරාධිපතිවරයා කියා සිටියා.