Sunday, May 12, 2024

General line - 0115112241

තවත් පළාතක නිල කාලය අවසන්

තරංග රුක්ෂාන් ජයසේකර




වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වනවා. ඒ අනුව එම පළාත් සභාවේ බලය ද පළාත් ආණ්ඩුකාරවරයාට පැවරෙනු ඇති. 

තවත් පළාත් සභා 04ක නිල කාලය ද මේ වනවිට අවසන් වී තිබෙනවා. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අවසන් වුයේ පෙරේදා දිනයෙන්. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර යන පළාත් සභාවල නිල කාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වුණා. ඒ අනුව එම පළාත් සභාද මේ වනවිට පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි.

උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 25 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා. සෙසු පළාත් සභා 03හි නිල කාලය අවසන් වන්නේ ලබන වසරේයි. ලබන වසරේ අපේ‍්‍රල් 10 වනදා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර 21 වනදා බස්නාහිර පළාත් සභාවේ නිල කාලයත් අවසන් වනවා. ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදීයි.