Sunday, May 12, 2024

General line - 0115112241

ජනබල කිරි පැකට් පරීක්ෂාවට තවත් තැනකට

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිස් වෙත ලබාදුන් කිරි පැකට්වල කිසියම් විෂ ද්‍රව්‍යක් අඩංගු වුයේදැයි තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත භාරදී තිබෙනවා. 
.

අදාළ කිරි පැකට් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මීට පෙර පරීක්ෂණයක් සිදු කළා. එහිදී අනාවරණ වුණේ එම කිරි පැකට් තුළ කිිසිදු විෂ ද්‍රව්‍යක් අඩංගුව නොතිබූ බවයි. කෙසේවෙතත් අදාළ පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණේ එක් කිරි පැකට්ටුවක් පමණක් බව නෙත් නිවුස් කළ වැඩිදුර සොයා බැලීමකදී හෙළි වුණා. පැමිණිලිකරුවෙක් මගින් පොලිසියට ලැබුණු කිරි පැකට්ටුවකුයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත මෙලෙස භාරදී තිබුණේ. එහි කිසිදු සිදුරු කිරීමක් ද සිදුව නොතිබූ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවා.