Sunday, May 12, 2024

General line - 0115112241

වසර 10ක් නඩු කියූ සමාගම් පළමු වරට තමන් අනවසරව ඉන්නේ වන සංරක්ෂණයට අයත් කැළැ ඉඩම්වල බව අධිකරණයේදි පිළිගනී

සංජීව බණ්ඩාර




පිළිගත් ඇමෙරිකානු සමාගමක් වු ඩෝල් ඉන්ටර් නැෂනල් සමාගමේ පරිපාලිත සමාගම වන සි/ස ඩෝල් ලංකා සමාගම හා මෙරට නෙල්නා පෞද්ගලික සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි හෙක්ටයාර 800 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන බුක්ත් විදින බව වන සංරක්ෂක ජනරාල් එස්.ඒ අනුර හතුරැසිංහ පවසනවා. වසර දහයක් පුරා ඩොල් හෝ නෙල්නා සමාගම එය පිළි නොගත්තද, එම සමාගමි දැන් එය පිළිගෙන ඇත.

වන සංරක්ෂක ජනරාල්වරයා පවසන්නේ ,ඩෝල් ලංකා සමාගම මොණරාගල වැල්ලවාය ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයට අයත්  කුඩාඔය ග්‍රාම නිලධාරී වසමේ රජයේ රක්ෂිත කැලයෙන් හෙක්ටයාර 400ක්ද, බුත්තල ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ රහතන්ගම ග්‍රාම නිලධාරි වසමේ දෙමෝදර  රක්ෂිත ප්‍රදේශයෙන් හෙක්ටයාර 200 ක්ද  අනවසරව අත්පත්කරගෙන සිටින බවයි. මිට අමතරව, බුත්තල,  රහතන්ගම ග්‍රාම නිලධාරි වසමේ වන්දම රජයේ රක්ෂිතයෙන් හෙක්ටයාර 200 ක් නෙල්නා නමි මෙරට පෞද්ගලික සමාගමක් අඔ වගා කිරිම සදහා අල්ලාගෙන තිබෙන බවද  හෙතෙම පවසනවා.

ඩෝල් ලංකා සමාගම හා ඊට සමිබන්ධ නියෝජිතයින් මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය මොණරාගල දිදිස්ත්‍රික්කය තුල ආරමිභකර තිබුනේ 2008 වසරේදිය. ඔවුන් මුල් වරට  ලුනුගමිවෙහෙර ජාතික වනොද්‍යානයට මායිමිව ඇති වන අලි බහුල  වන්දම කැලයෙන් අනවසරව එළි පෙහෙලි කරන ලද කැලැ ඉඩමි ප්‍රමානය හෙක්ටයාර 20 කි. වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ වාර්ථාවන්ට අනුව වසර දෙකක කාලය තුල ඔවුන් අල්ලාගෙන තිබු ඉඩමි ප්‍රමාණය හෙක්ටයාර 320.04 කි.මේ සමිබන්ධව වන නිළධාරින් අවස්ථා 08 කදි සමාගමට හා එහි නියෝජිතයන්ට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ග මාර්ග ගෙන ඇති බව පැවසුවද, ඹවුන් අදාල ඉඩමි වලින් ඉවත් කිරිම සඳහා රජයේ ඉඩමි සන්තකය පවරා ගැනිමේ පනත යටතේ ක්‍රියාත්මක නොවිම පිළිබදව ඇත්තේ සැකයකි.

එම සැකයතවත් තහවුරැ වන්නේ මෙම අනවසර කෘෂි ව්‍යාපෘති සඳහා උක්ත ඉඩමි කොටස් දෙක අදාල සමාගම වෙත ලබාදිම සදහා එවකට මොනරාගල දිසා වන නිලධාරිවරයා විසින් 2010.12.07 දින කොළඔ ප්‍රධාන කාර්යාලයට පිටපත් සහිතව කලාප නියෝජ්‍ය වන සංරක්වරයා වෙත නිර්දේශ ලබාගැනිමට ලිපියක් යොමු කරන තෙක් ,ඩෝල් සමාගම විසින් දිගින් දිගට සිදුකළ අනවසර අල්ලා ගැනිමි පිලිබදව දිසා වන නිලධාරිවරයා සිය උසස් නිළධාරින් දැනුවත් නොකිරිමයි.වන සංරක්ෂන දෙපාර්තමේන්තුව මේ ඉඩමි අල්ලා ගැනිම පිලිබදව කල විමර්ෂණයකදිද මේ බව අනාවරණය වි තිබේ.

2008 වසරේ සිට නීති විරෝධිව අල්ලාගත් කැලැ ඉඩමි වලට නිත්‍යානුකුල භාවයක් ලබා ගැනිම සදහා ඩෝල් ලංකා සමාගම 2010.06.01 දින වැල්ලවාය වන්දම දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 150 ක් හා වන්දම කුඩාඔය ප්‍රදේශයෙන් හෙක්ටයාර 300ක් ලබාදෙන ලෙස වන සංරක්ෂක ජනරාල් වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබුණි. ඒ බුත්තල රජමාවත,16 කණුව ලිපිනයේ පිහිටුවා තිබු රණබිම පෞද්ගලික සමාගම හරහාය. ඒ අනුව එම ඉල්ලිම් ලිපියේ පිටපතක්ද සමග ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන) විසින්  2010.06.16 දිනැති ලිපිය මගින් සමාගමේ එම ඉල්ලිම පිළිබදව මොනරාගල එවකට දිසා වන නිලධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා තිබුණි. ඒ අනුව මේ සමිබන්ධයෙන් එවකට වැල්ලවාය අඩවි වන නිලධාරිවරයාගෙන් වාර්ථාවක් කැදවා ඇති මොනරාගල දිසා වන නිලධාරිවරයා පසුව 2010.12.07 දින හා එමි.ඩි./2/4/2010 ලිපිය මගින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුව සතු ඉඩමි හෙක්ටයාර 450ක් ඩොල් ලංකා සමාගම වෙත ලබාදිමට සුදුසු බව නිර්දේශ කර තිබුණි.

දිසා වන නිලධාරිවරයාගේ එම නිර්දේශයට අනුව ජේෂ්ඨ නියෝජ්ය  වන සංරක්ෂක (සැලසුමි හා ප්‍රගති පාලන) එස්.ඒ.ඩි කිංස්ලි ඩොල් ලංකා සමාගම අනවරයෙන් අල්ලාගෙන ඇති ප්‍රදේශය නිර්ක්ෂණයට ලක්කර තිබේ. ඩොල් ලංකා සමාගම ඉල්ලා තිබු ඉඩමි කොටස් දෙකෙන් බුත්තල රහතන්ගම, වන්දම දෙමලිය රජයේ කැලයේ දෙමෝදරින් ඉඩමි හෙක්ටයාර 200ක භුමියක් අදාල සමාගම වෙත ලබාදිමට වන සංරක්ෂක ජනරාල් වරයා තිරණය කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (සැලසුමි හා ප්ර ගති පාලක) විසින් මොනරාගල එවකට සේවය කල දිසා වන නිලධාරිවරයාට හා රණබිම පෞද්ගලික සමාගම වෙත දැනුමි දි ඇත. ඒ බව ඔහුගේ 2011.01.03 දිනැති ලිපියෙන් තහවුරැ වේ.

නමුත් මෙම ඩොල් සමාගම ඔවුන්ට ලබාදුන් ඉඩම් ප්‍රමානයට වඩා ඉඩමි හෙක්ටයාර 18.08 ක් අල්ලාගෙන ඇති බව මොනරාගල මිනින්දොරැ අධිකාරිවරයාගේ  MO/BTT/2013/358 දරන අනුරේඛණයෙන් සනාථවේ. කෙසේ නමුත් මෙම ඉඩම මොනරාගල දිස්ත්‍රික ලේකමි වරයා විසින් දිස්ත්රි ක් ඉඩමි පරිහරන කමිටුවට ඉදිරිපත් කර ඊට නිර්දේශද ලබා දි තිබෙන බව මොනරාගල දිස්ත්‍රික් ලේකමි වරයාගේ අංක DLUPO/20/13/01  හා 2011.07.06 දිනැති ලිපියෙන් තහවුරැ වේ. නමුත් වැල්ලවාය  ප්‍රාදේශිය ලේකමි කොට්ඨාශයට අයත් කුඩාඔය ප්‍රදේශයේ ඩෝල් ලංකා සමාගම අනවසරව අල්ලාගෙන සිටින ඉඩමි හෙක්ටයාර 200ක භුමිය සඳහා වන සංරක්ෂණ ජනරාල් වරයා කිසිදු අවසරයක් ලබාදි නැති බව අප කල විමර්ෂණයේදිද අනාවරනය විය.

වන සංරක්ෂක ජනරාල් වරයා විසින් ඩෝල් ලංකා සමාගම වෙත මෙම ඉඩමි කොටස නිදහස් කිරිමට ප්‍රථම බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශිය ලේකමි වරැන්ගේ නිති විරෝධි මැනුමි නියෝග මත මිනින්දෝරැ දෙපාර්තමේන්තුව විසින් වන්දම හා දෙමලිය රජයේ කැලයේ දෙමෝදර ප්‍රදේශයෙන් හෙක්ටයාර 218.08 ක කොටසකට මැනුමි නියෝග කර අනුරේඛණ සකස්කර තිබුනි.මේ බව බුත්තල ප්‍රාදේශිය ලේකමි වරයාගේ  BU/LND/01/RLTAP 27 හා 2013.06.18 දිනැති 1601 දරන මැනුමි නියෝගය හා මිනින්දෝරැ අදිකාරිවරයාගේ අංක MO/BTT/2013/353 දරන අනුරේඛණයෙන්ද, වැල්ලවාය ප්‍රාදේශිය ලේකමිවරයාගේ අංක වැ/3/5/බදු/14 හා 2010.02.17 දින උපදෙස් මත බලයලත් මිනින්දොරැ එස්.පි රත්නායක මහතා විසින් සකස්කරන ලද 3957 දරන පිඹුරෙන් සනාථවේ.

‍මේ ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් සඳහා වැල්ලවාය හා බුත්තල  ප්‍රාදේශිය ලේකමිවරැන් විසින් මැනුමිකර අනුරේඛණ සකස් කරද්දි එවකට වන නිලධාරින් ඊට එරෙහිව ක්‍රියා මාර්ග නොගත්තේ මන්ද යන්න සොයා බැලිම වන සංරක්ෂක ජනරාල් වරයාගේ වගකිමකි. මෙය ඔවුන්ගේ අනුදැනුම මත සිදුවි නමි එය දුෂිත ක්‍රියාවලියක් බව පැහැදිලිය.එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමක් මේ ආකාරයට වැල්ලවාය හා බුත්තල එවකට ප්‍රාදේශිය ලේකමිවරැන්ට මැනුමි කිරිමට ඇති බලය කුමක්ද යන්නත් ප්‍රශ්නකළ යුතුව තිබේ. එපමනක් නොව 2010 වසරේ සැප්තැම්බර්-ඔත්තොබර් මාස අතරදි ඩොල් ලංකා සමාගම මෙම අනවසර කෘෂි ව්‍යාපෘතිය සදහා විදුලිය ලබාගෙන තිබු අතර ඒ සදහා වන සංරක්ෂන දෙපාර්තමේන්තු  නිලධාරින්ගේද ආශිර්වාද ලැබි ඇති බව අප කල සොයාබැලිමේදි හෙළිවිය.

‍කෙසේ නමුත් ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක (පරිසර කළමනාකරන) මහින්ද සෙනෙවිරත්න සහ එවකට ඌව මධ්‍යම කලාප භාර නියෝජ්යේ වන සංරක්ෂක වසන්ත දිසානායක ඩෝල් ලංකා සමාගම විසින් අල්ලාගෙන ඇති ඉඩමි පිලිබදව සොයාබැලිම සදහා 2013.02.04 දින පැමිණ තිබේ. පසුව ජේෂ්ඨ නියෝජ්ය් වන සංරක්ෂක (පරිසර සංරක්ෂණ හා කළමනාකරන) අංක P/M/8/02/14/25 හා 2013.02.28 දින මේ පිලිබදව උපදෙස් ලබාදි, පසුව මෙම කැලැ ඉඩම් කොටස් දෙක සදහා 2013.04.03 දින 47/2013 සහ 2013.03.28 දින 48/2013 ට අනුව වන අපරාධයක් ලෙස ලේඛණ ගතකර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩමි සන්තකය පවරා ගැනිම යටතේ ක්‍රියාත්මක කිරිම සදහා අස්විමි දැන්විමි සකස්කර 2013.04.13 දින අස්කිරිමේ දැන්විම අත්සන් තැබිම සදහාවන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන කාර්යාලය වෙත යැවිමට කටයුතු කර ඇත. නමුත් 2015 වසර දක්වා එම අස්කිරිමේ දැන්විම අත්සන් නොකිරිමෙන් මෙම දුෂිත කටයුත්තට සමිබ්න්ධ ඉහළ  දුෂිත වන නිලධාරින් පිරිසක්ද සිට ඇති බව මින් ඔප්පුවේ. එහෙයින් ඒ පිලිබදව සොයාබැලිම, විෂය භාර ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකිමකැයි අපි පවසමු.

කෙසේ නමුත් 2015.07.08 දින නැවත වතාවක් 47/2013 හා 48/2013 දරන වන අපරාධ වාර්ථාවලට අදාලව ඩෝල් ලංකා සමාගමට එරෙහි අස්කිරිමේ දැන්විමි සකස්කර වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත යවා ඇති අතර 2015.07.06 දින එම අස්කිරිමි දැන්විම වන සංරක්ෂක ජනරාල්වරයා විසින අත්සන් තබා එවා තිබේ.ඒ අනුව 2015.07.10 හා 13 දින එම අස්කිරිමේ දැන්විම අදාල සමාගමිවෙත භාරදිමට කටයුතු කර ඇත.නමුත් අදාල සමාගමි ඉවත් නොවිම හේතුවෙන් නෙරපිමි නියෝග සදහා අනු අංක 92814 හා 92815 යටතේ  අධිකරන  ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

ඩෝල් ලංකා සමාගමට එරෙහි,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන්  නෙරපුමි නියෝග ලබා ගැනිම සමිබන්ධයෙන් අග්රාකමාත්යත කාර්යාලය හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශයට  කළ පැමිනිල්ලකට අනුව. අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බි ඒකනායකහා අමාත්යි මලික් සමරවික්ර මේ පිළිබදව වන සංරක්ෂක ජනරාල්වයාගෙන් විමසිමක් කර තිබේ. ඒ අනුව H/05/07/විප/40/2015 හා 2016.01.25 දින  ලිපියක් යවමින් වන සංරක්ෂක ජෙනරාල් වරයා පවසා ඇත්තේ අදාල සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිකර ඇති සමාගම් හෙයින් හා වන සංරක්ෂණ ආඥා පනත යටතේ ය කිසියම් සහනයක් ලබාගැනිම සමිබන්ධයෙන් අග්‍රාමාත්‍ය උපදේශක වරැන් හා අග්‍රාමාත්‍යවරයා සමග කරනලද සාකචිජාවට අනුව කොන්දේසි 03 කට යටත්ව මෙම ගැටලුව අවසන් කිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග බවයි.

01-ඩොල් ලංකා හා නෙල්නා සමාගමි විසින් බුක්ති විදින රජයේ කැලැ ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලැ ඉඩමි බව අධිකරණය හමුවේ පිළිගැනිම හා ඉඩමේ සන්තකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිම

02-එම ඉඩම් සන්තකය භාරදිමෙන් පසුව මෙම ආයතන මගින් පරිසරයට සිදුකර ඇති හානිය තක්සේරැකර එය ප්‍රතිපුර්ණය කර ඊට යාබද ඉඩමිවල වනාන්තර ප්‍රතිෂ්ඨාපනයකිරිම වැනි සුදුසු වැඩසටහනක්  ක්‍රියා ත්මක කිරිම

03-අදාල ව්‍යාපෘතිය බාධාවෙන් තොරව කරගෙන යාම සදහා වන සංරක්ෂණ ආඥා පනතේ දැනට ඇති විධිවිධාන අනුව විෂයභාර ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර

වාර්ෂික බලපත්‍ර  ක්‍රමයක් යටතේ බල පත්‍රයක් නිකුත් කර මෙම කටයුතු කරගෙන යාමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකමි සැපයිම එම කොන්දේසි වේ

මේ අතර ඩෝල් ලංකා සමාගම මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩාඹය හා දෙමෝදර ප්‍රදේශවල අනවසරයෙන් බුක්ති විදින ඉඩමි නිත්‍යානුකුල කිරිමට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම MODSIT/3/CAB/16/16 හා 2016.09.15 අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබු අතර ඉන් ඩෝල් සමාගමට මෙම ඉඩම් නිදහස්කර දිම සදහා අවසර ලබාදිම පිණිස වන සංරක්ෂක ජනරාල්වරයාට බලය ලබාදිම, හා අතිරේඛ ගිවිසුම් අත්සන් කිරිමට මධ්‍යම පරිසර අධිකාරියට හැකිවන පරිදි අවශ්‍ය අනුමැතිය ලබාදිම හා නිරිදේශ සිදුකිරිමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදිම සඳහා අනුමැතිය ඉල්ලා තිබුනු අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඩොල් හා නෙල්නා යන සමාගමි මෙම ඉඩමි ඉඩමිවල වගා කර තිබුනේ ආයෝජන මංඩලයේ හා රේඛිය නියෝජිත ආයතනවල අනුමැතිය ලබා නොගෙන බව අමාත්‍ය මණ්ඩල සංදේශය මගින්ද අනාවරණය කර තිබුණි. මෙම සමාගමි ආයෝජන මණ්ඩලයට ලබා දි තිබු ලේඛණවලට අනුව ,ඌව පළාත් ඉඩමි කොමසාරිස් වරයාගේ 2012.10.12 සහ 2014.02.05 දිනැති එකඟතාවය ලබා දි ඇති ලිපි පදනම් කරගෙන මෙම සමාගමි ඉඩමි වගාකර තිබේ.එසේම වැල්ලවාය සහ බුත්තල ප්‍රාදේශිය ලේකමි කාර්යාල සමග නිත්‍යානුකූල ගත ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස ඌව පලාත් ඉඩම් කොමසාරිස් විසින් එම සමාගමි වෙත දන්වා තිබි ඇත.

කෙසේ නමුත් 2015 වසරේ සිට ඩෝල් ලංකා සමාගම ඔවුන් වගාකර තිබු ඉඩමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නොවෙන බව පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග නඩු කිවද ඔවුන් පලමු වරට ඉකුත් සැප්තැමිබර් මස 19 දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩුව කැඳවු අවස්ථාවේ වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ ඉදිරියේ එම ඉඩමි වල අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පිලිගෙන තිබේ.

ඒ අනුව මෙම සමාගම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩමි වලින් නෙරපන්නේ දැයි  මොනරාගල දිසා වන නිලධාරි ඩි.පි ප්‍රසාද්ගෙන්  අප කළ විමසිමකදි ඔහු පැවසුවේ , අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව එම සමාගම් ඉවත් නොකොට ඔවුන් එම පරිසරයට සිදුකර තිබෙන හානිය මුදලින් ප්‍රතාපූර්ණය ගැනිමට  බලාපොරොත්තු වන බවයි. “මෙම සමාගමි 2008 වසරේ සිට එම භුමියට සිදුකර තිබෙන හානිය විධිමත් සමික්ෂණයකින් පස්සේ මෙම සමාගමි වලින් අප අය කර ගැනිමට බලාපොරොත්තු වෙනවා.පසුව අප මෙම සමාගමි සදහා වාර්ෂික බදු පදනම යටතේ ගිවිසුම් ගතව ඔවුන්ට එ ඉඩමි ලබාදිමට බලාපොරොත්තු වෙනවා.“ යි ඔහු පැවසවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ ඉඩමි බදුදිය හැකිද? අප මේ පිලිබදව  මෙරට ප්‍රකට පාරිසරික නිතිඥයකු වන ජගත් ගුණවර්ධන මහතාගෙන් විමසිමක් කළා.

“මෙම ඉඩමි වසර ගනනාවක් අදාල සමාගමි පරිහරණය කළත් 2009 අංක 22 දරන පනතින් සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 9 .අ(1) හා (2) වගන්ති ප්‍රකාරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුලත යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නමි ඒ සඳහා වනජිවි අධ්‍යක්ෂක ජනරාල්ගේ පුර්ව ලිඛිත අනුමැතිය වගේම ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපැමි (ඇගයිමි) තක්සේරු වාර්ථාවක් සකස්කර අනුමැතිය ලබාගත යුතුයි“  කොහෙම වුනත් මේක විවාදාත්මක තිරණයක් ඒ පිලිබදව තව දුරටත් අධ්යෂයනය කලයුතුයැයි ඔහු පවසනවා.
 

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තිරණය හා වසර දහයක කාලයක් තම ඉඩමි බව කියමින් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මගට බැස සිටි ඩෝල් හා නෙල්නා යන සමාගමි පළමු වරට එම ඉඩම්වල අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පිළිගැනිම පිළිබදව අප ඩෝල් ලංකා සමාගමේ සමාගමි අධ්‍යක්ෂවරිය වන වින්ද්‍යා විරසේකර ගෙන් විමසිමට අවස්ථා කිපයකදිම  උත්සහකලද ඇය ඊට ප්‍රතාචාර නොදැක්විය.

මේ සමිබන්ධයෙන් අදහස් දැක්වු නෙල්නා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ගුණපාල නානයක්කාර මෙසේ පැවසීය.

“අපි ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක්, අපි මේ ඉඩමි ලබාගත්තේ මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා  ඉතාම නීත්‍යානුකූලවයි. අපිට මේ ඉඩමිවල අයිතිය කියන්න ෆයිල් එකක් පිරෙන්න ලේඛණ තියෙනවා. මම ලබාගෙන තියෙන අක්කර 500ක ඉඩමට මම ලොකු ආයෝජනයක් කරලා තියෙනවා. සේවකයන් 200 විතර වැඩ කරනවා. ඒ නිසා එන තත්ත්වයට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ ඉඩමි වන සංරන්ෂණ දෙපාර්තමේන්තුවේනම් ඔවුන් ගන්න තිරණයකට අපට එකගවෙන්න වෙනවා. මේ ඉඩමි ලබා දුන් නිලධාරින් සමහරක් දැන් මොනරාගලත් නැහැ. මම ඒ ගැන කථාකරන්න කැමතිත් නැහැ“ .

ඉතා සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මෙම ඉඩමි වලින් අදාල සමාගම් ඉවත් නොකොට එම ඉඩම් නැවත ඔවුන්ටම පවරා දිමට ගෙන ඇති තිරණය සම්බන්දයෙන් පරිසර සංවිධාන වලද විරෝධය එල්ල වි තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිසරවේදි සජිව චාමිකර පවසන්නේ මෙවන් අදහසකි.

“මෙම සමාගමි අල්ලාගෙන ඇති ඉඩම් ලුනුගමිවෙහෙර සහ යාල ජාතික වනෝද්‍යානයන්ට සමීප වන අලින් ඉතා සුලභව ගැවසෙන, පාරිසරිකව ඉතාමත්ම සංවේදී  කලාපයකයි තියෙන්නේ. මොවුන් මෙම ඉඩමි අල්ලා ගැනිම නිසා කලාපයේ අලි මිනිස් ගැටුම උග්‍ර වුනා. මෙම සමාගම්වල වගාවන් නඩත්තු කරන්න අධික වශයෙන් කුඩා ඹයෙන්, මැණික් ගඟින් සහ ගැඹුරැ නළ ලිං භාවිතා කිරිම නිසා ප්‍රදේශය තුළ උග්‍ර ජල හිගයක් තියෙනවා.මේ ජල හිඟය ආසන්න වනෝච්‍යාන න වල වනසතුන්ටත් බලපා තියෙනවා.සමාගම මෙම ඉඩමි ලබාගත්තේ පසුගිය ආන්ඩුවේ මැති ඇමතිවරැන් එක්ක එකතුවෙලා දුෂිත ආකාරයටයි.දුෂණය පිටු දකින්න ආවමේ යහපාලන ආණ්ඩුවෙන් කරන්නෙත් ඒ දුෂිත ක්‍රියාවන්මයි. විෂය භාර ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා අපි හිතනවා. නැතිනමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තියෙන මේ තින්දුව අනාගතයට බලපාන ඉතාම නරක පුර්වාදර්ශ තින්දුවක් විය හැකියි.“ හෙතෙම පවසයි.