Sunday, May 12, 2024

General line - 0115112241

ජනපතිගේ සහ මගේ හමුව ගැන වැරදි මත පලවෙනවා - සභාග ආණ්ඩුව ගැන තීරණය මම ගන්නම්

හේමන්ත කහවලගේ




තමන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සිදු වූ සාකච්ඡා පිළිබඳ සමාජගත වී ඇති ඇතැම් මත නිවැරදි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

තමන් මෙම සාකච්ඡා සිදු කළේ අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් ගැලවී යාමට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත්තේ. සභාග ආණ්ඩුව පිළිබඳ ප‍්‍රකාශ සිදු කිරීමේදී කල්පනාකාරී වන ලෙස ද සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේදැයි තමන් තීරණය කරන බවද හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම කරුණු ප‍්‍රකාශ කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් සමග ඊයේ (09) රාත‍්‍රියේ පැවති සාකච්ඡාවේදීය. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායමට හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාරට මෙම සාකච්ඡාව සඳහා ඇරයුම් කර තිබී නැහැ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.