Saturday, May 18, 2024

General line - 0115112241

හෙරොයින් ගෙනා පාකිස්ථානුවා 7 වතාවක් ලංකාවට ඇවිත් (UPDATE)

හේමන්ත කහවලගේ




රුපියල් කෝටි 03ක් වටිනා හෙරොයින් කිලෝ 02යි ග‍්‍රෑම් 426ක් සමග අද අලූයම අත්අඩංගුවට ගැනුණු පකිස්තානු ජාතිකයා මීට පෙර 06වතාවක් මෙරටට පැමිණ ඇති බව අනාවරණ වී තිබෙනවා. අද අලූයම 02 යි 25ට පමණ දෝහා සිට මෙරටට පැමිණී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින්.

---------------------------------

හෙරොයින් ගෙනා පාකිස්ථානුවා ගුවන්තොටේදීම මාට්ටු

13-10-2018 08:44

හොරොයින් කිලෝ 02යි ග‍්‍රෑම් 426ක් මෙරටට රැගෙන ආ පකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර පැවසුවේ සැකකරු සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සූක්ෂම ලෙස සගවා එම හෙරොයින් තොගය මෙරටට රැගෙන ඒමට උත්සහ දරා ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 03ට ආසන්නයි. අද අලූයම 02.25ට පමණ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.