Saturday, May 18, 2024

General line - 0115112241

සිගරට් 12000ක් අරගෙන රටට එන්න හැදූ චීනා අත්අඩංගුවට

ටී.කේ.ජී කපිල - කටුනායක




චීනයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට දුම්වැටි තොගයක් ගෙන ආ චීන ජාතික ගුවන් මගියෙකු අද (13) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය පැවසුවා . 

 ඔහු 10/13 දින උදෑසන 6.00 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , " හරිත මාවත " (Green Chanel ) ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත .

මෙම චීන ජාතිකයා විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා , දුම්වැටි 12,000 ක්  සඟවා ගෙන තිබූ බව රේගුව පවසනවා.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්නගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න ගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩබ්ලිව්.ටී.ද .සිල්වා , සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණ විජේසේකර , අමිනා දසනායක , උදේශ් ජයවර්ධන , විහග නන්දසේන , අජිත් වික්‍රමාරච්චි , එම්.එස්.බී.සන්නස්ගල , ඩී.එච්.එම්. අතුකෝරල සහ ගයාන් හේරත් යන නිලධාරීන් විසින් සිදු කරනවා.