Saturday, May 18, 2024

General line - 0115112241

ජිවන වියදම් සූත්‍රයක් ඉල්ලා 23දා කොළඹ විරෝධතාවයක්




විවිධ ගාස්තු වැඩිකිරීම සඳහා සූත‍්‍ර නිර්මාණය කරන ආණ්ඩුව ජනතාවගේ ජිවන වියදම සම්බන්ධයෙන්ද සූත‍්‍රයක් සකස් කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසුවේ ලබන 23වනදා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පවත්වන විරෝධතාවයේදී එයද සටන් පාඨයක් වන බවයි.