Sunday, May 19, 2024

General line - 0115112241

මුස්ලිම් කොංග‍්‍රසයේ සහාය දැනට නෑලු

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




භාරකාර ආණ්ඩුවක් සඳහා කිසිඳු සහයක් ලබා නොදෙන බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

එහි ලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කළේ "ජනවරමට වෙනස් ආකාරයට ආණ්ඩු බලයට බලපෑම් කෙරෙන කටයුත්තක් සඳහා අපි පක්ෂයක් හැටියට සහභාගී විය යුතු නෑ කියන එක දැනට අපගේ අදහසයි." බවයි.

යහපාලන ආණ්ඩුව සිය නිල කාලය දක්වා පවත්වාගෙන යා යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.