Sunday, May 19, 2024

General line - 0115112241

ආවා කල්ලිය ඉන්දියාවේ ආයුධ පුහුණුවීම් ලබන බවට තොරතුරු

දිනසේන රතුගමගේ / ඉෂාර සුපෙම් මානගේ




යාපනයේ ක්‍රියාත්මක ''ආවා කල්ලි'' සාමාජිකයින් පිරිසකට මේ දිනවල ඉන්දියාවේදී ගිනිඅවි පුහුණුවක් ලබා දෙන බවට යාපනයේ ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී ඇති බව යාපනය nethnews.lk වාර්තාකරු වාර්තා කරනවා.

ඔවුන් මේ අන්දමට ගිනිඅවි පුහුණුව ලබන්නේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනයකට මුදල් ගෙවා බවටද එම තොරතුරු අනුව වාර්තා වෙන බවයි සඳහන් වන්නේ.

එම පෞද්ගලික ආයතනයට මුදල් ගෙවීමට අවශ්‍ය නිසා ''ආවා ගෲප්'' සාමාජිකයන් ලවා යාපනයේ මංකොල්ලකෑම් සිදු කරන බවට තොරතුරු හෙළිව තිබෙන අතර දැනට ඉන්දියාවේ ගිනිඅවි පුහුණුව ලබන පිරිස 12 දෙනෙකු පමණ වන බවටද පැවසෙනවා.

ඒ අනුව nethnews.lk මේ පිළිබඳව උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ එවැනි තොරතුරක් මෙතෙක් සිය අංශ වෙත ලැබී නොමැති අතර ආවා කල්ලිය මර්දනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවයි. ඒ ආකාරයේ තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳවත් සොයා බලන බවද හෙතෙම පෙන්වා දුන්නා.