Sunday, May 19, 2024

General line - 0115112241

සහල් මිල වෙනස් වෙයි

කසුන් කැළුම්




තමන් කළ ඉල්ලීමක් අනුව සහල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩුකිරීමට සහල් සැකසුම් ව්‍යාපාරිකයින් එකග වූ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, ඔවුන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඒ පිළිබඳ අදහස් දක්වන අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දුන්නේ "මම ප්‍රධාන පෙළේ සහල් මෝල් මිහියන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේ ප්‍රථිපලයක් විදිහට තමයි දැන් සහල් විකුණන මිලෙන් රුපියල් 10ක් අඩු කිරීමට එකඟ වුණේ. ඔවුන් පොරොන්දු වුණා දැනට සහල් බෑග්වල සඳහන් වෙලා තියෙන මිලෙන් මෙම රුපියල් 10 අඩු කිරීමටත් ඉදිරියේදී රුපියල් 10ක් අඩු කළ නව මිල මෙම බෑග්වල සඳහන් කරන්නත්." යනුවෙනි.