Sunday, May 19, 2024

General line - 0115112241

පොලිස් බාරයෙන් වසර දෙකකට පසු අයිතිකරුට දුන් සුපිරි රථයට අලාභ වන්දි ගන්න හැටි නීතිවේදීන් පෙන්වයි

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂට අයත්ව තිබූ සුපිරි මෝටර් රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය එහි වත්මන් හිමිකරු වෙත ඉකුත් දා මුදා හැරියා. ඒ, අදාළ රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන වසර 02කට පසුවයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා කියා සිටියේ මෙම සුපිරි මෝටර් රථයේ අලාභය වන්දියක් ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගෙවිය යුතු බවයි. වසර 02කට ආසන්න කාලයක් කොළඹ එෆ්. සී. අයි. ඞී. මූලස්ථානය අසල නවතා තිබූ මෝටර් රථය අබලන් තත්ත්වයට පත්ව තිබූ බවයි එහි හිමිකරු පසුව පැවසුවේ.

එලෙස පොලිසිය භාරයට ගැණුනු නඩු භාණ්ඩයක් සඳහා අලාභ වන්දියක් ලබා ගත හැකිද යන්න නෙත් නිව්ස් ශී‍්‍ර ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ ආර් ද සිල්වාගෙන් විමසා සිටියා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අධිකරණයට හැඟී යන පරිදි බැඳුම්කරයක් මත අදාළ වාහන මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දී ඇති බවයි.

ඒ පිළිබඳව දැඩිදුරටත් සිදුකළ පැහැදිළි කිරීම පහතින් දැක්වෙයි.

එවැනි නඩු භාණ්ඩයක් මුදා හල අවස්ථාවකදී අලාභ හානි සිදුවී ඇත්නම් පොලීසියට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.