Wednesday, May 15, 2024

General line - 0115112241

වසර 55කින් ලබන්න බැරිවූ ජයක් බලාපොරොත්තුවෙන් එංගලන්තය අද පිටියට

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (23) ආරම්භ වනවා. ඒ, කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේදීයි. තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 2/0ක් ලෙස දැනටමත් එංගලන්තය ජයගෙන අවසන්. ඒ අනුව අද තරගයද ජයගෙන තුනට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලැබීමටයි එංගලන්තය සූදානම් වන්නේ. එමගින් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වීම තම අරමුණ බව එංගලන්ත නායක ජෝ රූට් පවසනවා. 

එංගලන්ත කණ්ඩායම 1963 වසරෙන් පසු සිය රටෙන් පිටතදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් මේ වනතෙක් අත්කරගෙන නැහැ.

පළමු තරග දෙකේදී සිදුවූ අඩුපාඩු මගහරවා ගනිමින් අද තරගයේදී පිටියට පිවිසෙන බව ශී‍්‍ර ලංකා නායක සුරංග ලක්මාල් පවසනවා. පළමු තරග දෙකේදී දග පන්දු යවන්නන්ගෙන් අපේක්‍ෂිත ප‍්‍රතිඵල ඉටු නොවූ බවත් අද තරගයේදී වෙනත් සැලසුමක් කි‍්‍රයාත්මක කරන බවත් ඔහු කියාසිටියා.