Wednesday, May 15, 2024

General line - 0115112241

එංගලන්ත පළමු ඉනිම 336කට සීමා වෙයි

සමන්ත කුමාර




සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වෙලාවක පෙර ලකුණු 336 කට දැවි ගියා.

ලක්ෂාන් සදකැන් ලකුණු 96 කට කඩුළු 5 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 113 කට කඩුළු 3 ක් බිද හෙළුවා. 

---------------------------------------

එංගලන්ත ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

24-11-2018 07:20

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 03වන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අද (24) යි.

පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 312ක් රැස් කර ගෙන සිටියා. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොයින් අලී ලකුණු 23ක් ලබා සිටි අතර අදිල් රශීඞ් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 13ක්.

එංගලන්තය වෙනුවෙන් ජොනී බැරිස්ටෝව් ලකුණු 110ක් රැස් කළා. හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 91කට කඩුළු 04යි. මලින්ද පුෂ්පකුමාර ලකුණු 64කට කඩුළු 02ක් දවා ගත්තා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගනයේදීයි.