Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් යළි අසාර්ථක වෙයි

කසුන් කැලුම්




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 240කට අද (24) සීමා වුණා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 336ක්. 

ශ‍්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 73ක් රැස් කළා. ශ‍්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුළු 07 ලකුණු 53ක් තුළ බිඳ වැටීම විශේෂත්වයක්. සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන එංගලන්ත කණ්ඩායම දෙවන දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 03ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී පිටියේදීයි.