Saturday, May 4, 2024

General line - 0115112241

අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට දුන් අතුරු තහනම් නියෝගයෙන් පසු රටේ තත්ත්වය ගැන නීතිවේදීන් පැහැදිළි කරයි

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයත් සමග රටේ අගමැති කවුරුන්ද යන්න බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විවිධ මත ද පළ වෙමින් තිබෙනවා.

මේ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, ආචාර්ය රාජා ගුණරත්න පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපනය කිරීමට  අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි. 

එහිදී "වාරණ නියෝගයේ කියවිලා නෑ මේ කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටෙව්වට ඊට පෙර තිබූ කැබිනට් මණ්ඩලයට බලය යනවයි කියලා. එහෙම කියන්නත් බෑ. අනෙක් කරුණ කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාවක්. විධායක ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හෝ නොකරහැරීම්වලට එරෙහිව කිසිම අධිකරණයකට  ඒ ගැන සිවිල් හෝ අපරාධ නඩුවක් දාන්න බෑ..මූලික අයිතිවාසිකම් නඩුවක් හැර. ඒ නඩු පැවරීමත් සිදු කළ හැකි වන්නේ ජනාධිපතිවරයාගේ නමින් නෙමෙයි නීතිපතිවරයාගේ නමින්. මේ වාරණ නියෝගය දීමේදී අභියාචනාධිකරණයේ නැති අධිකරණ බලයක් භාවිතා කරලා.. මේ වාරණ නියෝගය නිකුත් කරලා ඇති බව මගේ මතයයි."  යනුවෙන්ද සඳහන් කළා.

අග‍්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් මෙවැනි අතුරු තහනම් නියෝග නිකුත් කළ අවස්ථා වාර්තා වී තිබේද යන්න පිළිබඳවද ආචාර්ය රාජා ගුණරත්න මෙලෙස කරුණු පැහැදිලි කළා.