Saturday, May 4, 2024

General line - 0115112241

"අයස්කාන්තය" සියලු මුදල් බැර කෙරෙන්නේ සමාජ සත්කාරක අරමුදලටයි




මේ මස 08 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන අයස්කාන්තය සංගීත ප‍්‍රසංගයට තවත් ඉතිරිව ඇත්තේ දින 04ක් පමණයි.

පේ‍්‍රක්ෂකයින්ට නවමු සංගීතමය අත්දැකීමක් එක්කරන අයස්කාත්නය සංගීත ප‍්‍රසංගය මෙවර පැවැත්වෙන්නේ 05වන වරටයි.

නෙත් රේඩියෝවේ 10වන සංවත්සරය වෙනුවෙන් පළමුවරට පැවැති අයස්කාන්තය ප‍්‍රසංගයේ සිට මෙතෙක් පැවැති ප‍්‍රසංග 04 සඳහාම ඉහළම පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හිමිවුණා.

මෙවර අයස්කාන්තය ප‍්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ බිලි ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ ටූ ෆෝර්ටි ටූ වාද්‍ය වෘන්ද්‍යයයි. මෙම ප‍්‍රංසගය ගායනයෙන් හැඩ කරන්නේ කසුන් කල්හාරයි. 

අයස්කාන්තය සංගීත ප‍්‍රසංගයේ ප‍්‍රවේශ පත‍්‍ර සීමිත සංඛ්‍යාවක් පමණක් දැනට ඉතිරිව තිබෙන බවයි සංවිධායකයින් පැවසුවේ. ප‍්‍රවේශපත‍්‍ර කොල්ලූපිටිය නෙත් ප‍්‍රධාන කාර්යාලය, බම්බලපිටිය නෙත් මැදිරි සංකීර්ණය, බත්තරමුල්ල ට‍්‍රැවල් නෙත් කාර්යාලය සහ කොළඹ 7 යමහා මියුසික් සෙන්ටර් යන ස්ථානයන්ගෙන් මිළදී ගත හැකියි.

011 2 50 70 80 යන දුරකතන අංකයෙන් ද ඒ පිළිබද විස්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

mytickets.lk  වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රවේශපත‍්‍ර වෙන්කර ගෙන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමටද පහසුකම් සලසා තිබෙනවා. මෙම ප‍්‍රසංගයේදී උපයන සියලූ ආදායම් බැර කෙරෙන්නේ දිරිය නෙත් සමාජ සත්කාරක අරමුදලටයි.