Monday, May 13, 2024

General line - 0115112241

වනජීවී නිලධාරීන් රැගත් කැබ් රථයකට බුුන්දලදී ප‍්‍රහාරයක්

කසුන් කැලුම්




බුන්දල වනජීවී කාර්යාලයේ නිලධාරීන් රැගත් කැබ් රථයකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, බුන්දල රක්ෂිතයේ ලේවාය ආසන්නයේ අතුරු මාර්ගයකදීයි. වෙඩි ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ කැබ් රථයේ වනජීවී නිලධාරීන් සිව්දෙනෙකු සිට තිබෙනවා.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ. බුන්දල රක්ෂිතයේ දඩයමේ පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බව අනාවරණ වී තිබෙනවා. ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.