Saturday, May 18, 2024

General line - 0115112241

ටිකට් පතක් ලඟ ඇත්නම් අනතුරකදී බස් මගීන්ට වන්දි රක්ෂණ මුදලක්




පෞද්ගලික බස්‌ රථවල මාර්ග බලපත්‍රයක්‌ හා ආදායම් බලපත්‍රයක්‌ ඇත්නම් එහි ටිකට්‌පතක්‌ ගෙන ගමන් ගන්නා මගියෙකු යම් අනතුරකට මුහුණපෑවොත් ඔහුට අනිවාර්යයෙන්ම රක්‍ෂණ වන්දි මුදලක්‌ හිමිවන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න පවසනවා. ටිකට්‌ පතක්‌ නොගෙන පෞද්ගලික බස්‌ රථවල ගමන් කරන විට එම මගියා යම් අනතුරකට මුහුණපෑවොත් ඒ සම්බන්ධයෙන් මගියාට රක්‍ෂණ වන්දි මුදලක්‌ නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
 
මේ පිළිබදව වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා 
 
"බස්‌ රථවල ගමන් කරන මගීන් ටිකට්‌පතක්‌ ලබාගෙන ගමන් කිරීම අනිවාර්යයි. ටිකට්‌පතක්‌ මිලදී ගෙන යන මගියාට වාසියකුත් සැලසෙනවා. එකක්‌ තමන් බස්‌ රථයේ ගමන් කරද්දී සුරක්‍ෂිත වීම. අනිත් එක මගියා ගමන් කරන බස්‌ රථය යම් අනතුරකට ලක්‌වී මගියා තුවාල ලැබුවහොත් මගියාට රක්‍ෂණ වන්දියක්‌ ලැබෙනවා. මාර්ග බලපත්‍ර නැතිව ධාවනය කිරීමට මොනම බස්‌ රථයකටවත් අවසර දෙන්නේ නැහැ. හොරෙන් දුවන බස්‌ රථ ගැන අපේ වගකීමක්‌ නැහැ. ඒ ගැන පොලිසිය සොයා බලා ක්‍රියාමාර්ග ගත යුතුයි.
 
අනිවාර්යයෙන්ම මගියාට ටිකට්‌ පතක්‌ නිකුත් කළ යුතුයි. ටිකට්‌පත් දෙන්නෙ නැත්නම් ඒ ගැන 0115-559595 ට කියන්න"
යනුවෙනි.