Tuesday, May 14, 2024

General line - 0115112241

රටේ දේශපාලඥයින් බල තන්හාවෙන් බියෙන් ජිවත් වන්නේ - මුරලිදරන් කියයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර සිටිනවා.

ඔහු මේ බව කියා සිටියේ තමන් සාමාජිකත්වය දරණ ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට පාසල් පොත් බෑග පිරිනැමේ අවස්ථාවට එක්වෙමින්. 

2019 නව පාසල් වාරය  වෙනුවෙන්  පොත් ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් අද (05) හැටන් ඩි.කේ.ඩබ්ලිව්.ශාලාවේදි ගුණ-ජය-සතුට පදනමේ අනුග්‍රහය ඇතිව බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවයි. ඒ උවත් රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු  කිරිම සඳහා තමන් කැපවි සිටින බව ඔහු ප්‍රකාශ කර සිටියා.

රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවන්නේ නම්, එමෙන්ම ඔවුන්ගේ සේවය රටට නිසියාකාරව සිදුකොට දේශපාලනයේදි නිසි තීරණ ගන්නේ නම් මේ රට මීට වඩා ඉහල තත්ත්වයකට ඔසවා තැබිය හැකි යැයි  මුරලිදරන් වැඩිදුරටත් කියා සිටියා.

මේ රටේ 45% ක ජනතාවක් ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමීමට රටේ දේශලපාලනඥයින් කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කර සිටියා.  

රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්ව බවත්, දේශපාලනය කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම්  බියෙන් ජිවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් මෙහිදි පෙන්වා දුන්නා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්  ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ද වගකිය යුතු බවයි මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මුරලිදරන් කියා සිටියේ වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවයී.