Thursday, May 16, 2024

General line - 0115112241

පාසල් නිර්දේශයට නීතිය ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය




පාසල් විෂය නිර්දේශයට විෂයක් ලෙස නීතිය ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙලෙස විෂයක් ලෙස නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් බලාපොරොත්තු වන්නේ ළමා වියේ සිටම නීතිය පිළිබඳ දැනුමක් තැනැත්තන්ට ලබා දීම බවයි අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, දණ්ඩනීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය වැනි ප‍්‍රධාන නීති පිළිබඳ හෝ ළමාවියේ සිට දැනුවත්ව සිටිම නීතිගරුක සමාජයකට වැදගත්වන බවද ඇය පෙන්වා දුන්නා.