Thursday, May 16, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදාළ අදහස් හා යෝජනා ලබා ගැනීමේ කමිටුව පත් කෙරේ




ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (07) පත් කරනු ලැබුවා. 

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර, වී. කනගසභාපති, එල්.එස්.අයි. ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි කටයුතු කරනු ලබනවා.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය ප‍්‍රතිසංවිධානයකට අදාළව මෙම කමිටුව වෙත අද සිට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකියි. ඔවුන් විසින් සති 02ක් ඇතුළත සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. ගතයුතු ඉදිරි පියවර ඒ අනුව තීරණය කෙරෙනු ඇති.