Wednesday, May 15, 2024

General line - 0115112241

අනුරපුර බන්ධනාගාරයේ LTTE සැකකරුවෙක් තවදුරටත් ආහාර වර්ජනයේ

දිනසේන රතුගමගේ - වවුනියාව




අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එල් ටී ටී ඊ සැකකරුවෙකු තවදුරටත් ආහාර වර්ජනයක යෙදී සිටිනවා. බන්ධනාගාර ආරංචි පැවසුවේ ඊයේ (06) සිට මෙම සැකකරුවා මෙලෙස ආහාර වර්ජනයක යෙදී සිටින බවයි. 

ඔහු 34 වන වියේ පසුවන ශිවසීලන් නමැත්තෙක්. 2009 මැයි මස 19 වනදා  ඕමන්ත මුරපොලේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. තමන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින් මෙම සැකකරුවා ආහාර වර්ජනයක යෙදී සිටිනවා.