Wednesday, May 15, 2024

General line - 0115112241

අලූත් ක‍්‍රීඩා පුහුණුකරුවන් 3800කට කැබිනට් අනුමැතිය

පසන් වික්‍රමතිලක




පාසල්වල සේවය කිරීම සඳහා ක‍්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්. 

පාසල් නිර්දේශයට විෂයක් ලෙස නීතිය ඇතුළත් කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. නීතිය පිළිබඳ ළමා වියේ සිටම අවබෝධය ලබාදීමෙන් නීතිගරුක සමාජයක් ඇති කිරීම පහසුවන බවයි අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවේ. 

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කෙරුණා. ඊට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරුන් පැවසුවේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්වුණා.