Wednesday, May 15, 2024

General line - 0115112241

චන්ද්‍රිකා ගැන ශ‍්‍රිලනිප තරුණ පෙරමුණ තවමත් දැඩි විශ්වාසයක

මහේෂ් චතුරංග




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙන් රටේ ප‍්‍රශ්න විසනදාලිය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරික් ප‍්‍රසන්න වීරවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කණ්ඩායමක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු ලබාදුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාරයි. 

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.