Wednesday, May 15, 2024

General line - 0115112241

අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

දිනුක් හේවාවිතාරණ




මුල්ලේරියාව පොලිස් වසම, අංගොඩ මංසන්ධිය අසලදී අද (07) රාත්‍රී 7.30ට පමණ  සිදුවූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටිනවා.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා. මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කොළඹ ජාතික රෝහලේ තබා ඇති අතර අංගොඩ පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.