Thursday, May 16, 2024

General line - 0115112241

මහින්ද සහ ගෝඨාභය සිරගත කරන කුමන්ත‍්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්

ඩිල්ෂාන් මඩවල




විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමේ උත්සහයක් පිළිබඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (07) අනාවරණ කළා. මේ, ඒ පිළිබ`ද කරුණු දැක්වූ එහි සභාපති, මහාචාර්ය ජී එල් පීරිස්.

ජාත්‍යන්තර වශයෙන් සංක්‍රාන්ත ඊළාම් ජාත්‍යන්තර රජය කියලා එකක් හදලා එකේ අගමැතිකමට තමන්වම පත් කර ගත්ත පුද්ගලයෙක් ඉන්නවා රුද්‍ර කුමාර් කියලා. දැන් වැඩ පිළිවලක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් හමුවේ නඩු පවරන්න. එකේ නඩු පැවරීමේ කටයුතු පවරන්න කියලා වගකීම භාර දීලා තියෙන්නේ සීවානි ත්‍යාගරාජා කියන නීතිඥවරියට යැයි මෙහිදී මහාචාර්ය ජි.එල්. පිරිස් කියා සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරවීමේ කුමන්ත‍්‍රණයක් ද ක‍්‍රියාත්මක වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.