Friday, May 3, 2024

General line - 0115112241

ජීව විද්‍යා විෂය නිර්දේශ ගැන චෝදනාවලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිළිතුරු

මහේෂ් චතුරංග




ජාත්‍යන්තර පාසල් සඳහා විධිමත් අධීක්ෂණ යාන්ත‍්‍රණයක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව යටතේ පියවර ගැණුනු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ජාත්‍යන්තර පාසල් සඳහා අධීක්ෂණයක් නොමැති බව පවසන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඔහු අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ ඒ සඳහා කටයුතු නොකලේ මන්දැයි ද මෙහිදි ප‍්‍රශ්න කෙරුණා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙම කරුණු දැක්වූයේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රථම ස්ථානයක් හිමිකර ගැනීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් මතුකර තිබෙන සැක පිළිබඳ ප‍්‍රතිචාර දක්වමින්. 

ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට උසස් පෙළ ස්ථාන පිරිනැමීම අලූත් දෙයක් නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ලබන අගෝස්තුවේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා විෂයට අදාළ සම්පූර්ණ විෂය නිර්දේශය පාසල් වෙත මෙතෙක් ලැබී නොමැති බවට වන චෝදනා සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මෙහිදී අදහස් පළ කළා.

අධ්‍යාපන අමාත්‍යංශයේ අද (07) පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කෙරුණා.