Friday, May 3, 2024

General line - 0115112241

උතුරේ වගා හානිවලට කඩිනමින් වන්දි




උතුරේ ඇති වූ ආපදාවලින් වගා හානි වූ ගොවීන්ට උපරිම වන්දියක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. විපතට පත් සත්ව ගොවිපොළ හිමිකරුවන්ට ද වන්දි ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම ආපදාවල දී හානි වූ වගා බිම් කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් විසින් ඉකුත්දා නිරීක්ෂණය කරනු ලැබුවා.

විපතට පත්වූවන් එහිදී කියා සිටියේ තමන් විසින් ඇතිකළ ගවයින්, එළුවන් සහ කුකුළන් වැනි සතුන් ද ජලගැල්මට හසුව ගසාගෙන ගිය බවයි. 

මේ අතර හානි වූ වැව් සහ ඇලවේලී කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.