Friday, May 3, 2024

General line - 0115112241

සේනා සහිත බඩ ඉරිඟු තොගයක් විනාශ කෙරේ

ජූඞ් සමන්ත




අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබු සේනා දළඹුවන් සහිත බඩඉරිගු තොගයක් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කෘෂි නිලධාරීන් අද (07) කටයුතු කළා. ඒ, මහවැව මාදම්පේ ප‍්‍රදේශයේදීයි. 

අලෙවිය සඳහා රැගෙන එන බඩ ඉරිගුවල සේනා දළඹුවන් හෝ කීටයන් සිටීදැයි පරීක්ෂා කරන ලෙස බඩ ඉරිගු අලෙවි කරන්නන් ඉකුත් දින කිහිපයේදීම දැනුවත් කෙරුණා. එහෙත් ඇතැම් අලෙවිකරුවන් උපදෙස් නොසලකා කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් කියා සිටියේ.