Friday, May 3, 2024

General line - 0115112241

ජනපති සමග ගෙවූ කාලය ගැන එජාපය මතක් කරයි

පසන් වික්‍රමතිලක




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ගත වූ වසර 04 පිළිබඳව ඔහු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීමේදී ඔහු සමග සිටි පාර්ශ්වවලින්ද  පසුව ඔහු සමග එක්වූ පාර්ශ්වවලින් ද නෙත් නිවුස් මත විමසීමක් කළා. 

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ "මේ වසර 04ක කාලය තුළ සතුටු වෙන්න පුළුවන් කාරණා වුණා..ඒ වගේම දුක හිතෙන කාරණාත් වුණා. කොහොම වුනත් 2015 වසරේ අපි ජනතාවගෙන් ඡන්දය ඉල්ලුවේ මොකටද කියන කාරණය පිළිබඳව අපේ මනස නැවතත් යොමු කරන්න වෙනවා. ජනාධිපතිතුමා ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණ කියන කණ්ඩායමත් සමග ඔහුගේ ගමන යන්න තීරණය කරලා තියෙන නිසා අපේ කාර්යය කොයිතරම් දුරට ඉස්සරහට කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා." යනුවෙනි. 

කෙසේවෙතත් ජනාධිපතිවරයා සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සහ කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා. 

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ පක්ෂය තුළද, රටේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ජනාධිපතිවරයා පසුගිය වසර 04ම කැපවූ බවයි. වංචාවට එරෙහිව ද ජනාධිපතිවරයා ප‍්‍රබල සටනක් ඇරඹු බව මෙහිදී සිහිපත් කෙරුණා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ සිදුවන සංවර්ධන සංග‍්‍රාමය පිළිබඳව ද මෙහිදී මතක් කෙරුණා. 

ජනපති පදවි ප‍්‍රාප්තියේ 04 වන සැමරුම සහ 05 වන පිවිසුම වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සුභාශිංෂණ පළ කරන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර කියා සිටියා.