Friday, May 3, 2024

General line - 0115112241

පාසල්වල ක‍්‍රීඩා උත්සව සංවිධානය කිරීමට පෙර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් මතක් කිරීමක්

පසන් වික්‍රමතිලක




පාසල්වල ක‍්‍රීඩා උත්සව සංවිධාන කිරීමේදී අනතුරු වළක්වා ගැනීමට සහ ආරක්ෂාව සහතික කිරීමට විමසිලිමත් වන්නැයි සිහි කැඳවීමක් කෙරෙනවා.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යානි ද සොයිසා මේ බව සඳහන් කළා. 

"යගුලිය විසි කිරීම, හෙල්ලය විසිකිරීම, කව පෙත්ත විසිකිරීම වැනි ක්‍රීඩා බරපතල අනතුරු ඇති කරන්න පුළුවන්. පාසල්වල ක‍්‍රීඩා උත්සව සංවිධාන කිරීමේදී සිදුවිය හැකි අනතුරු පිළිබඳ සැලකිලිමත් වෙමින් ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් පිරිසක් ළඟ සිටීමෙන් සිදුවිය හැකි තත්ත්වයන් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම හදිසි අවස්ථාවකදී දරුවන් රෝහල් ගත කිරීමේ වැඩපිළිවෙලක් කල්තියා සූදානම් කර තිබීමද වැදගත්. "

උචිත ඇඳුම් සහ පාවහන් පැළඳ දරුවන් ක‍්‍රීඩා සඳහා සහභාගී කරවීමේ වැදගත්කම ද මෙහිදී සිහිපත් කෙරුණා. 

ප‍්‍රමාණවත් තරම් ජලය පානය කිරීමේ වැදගත්කම සහ විඩා දැනෙන  ඕනෑම අවස්ථාවක දී වහාම විවේක ගැනීමේ වැදගත්මක ද මෙහිදී අවධාරණය කෙරුණා.