Friday, May 3, 2024

General line - 0115112241

නව වසරේ ලංකාව හමුවේ ඇති අභියෝග විද්වතුන් මතක් කරයි

ඩිල්ෂාන් මඩවල




රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග තුලනාත්මක සම්බන්ධයක් පවත්වා ගැනීම උදා වූ නව වසරේ දී ශ‍්‍රී ලංකාව හමුවේ ඇති ප‍්‍රබල අභියෝගයක් බව විචාරකයින් පෙන්වා දෙනවා. නව වසරේදී ශ‍්‍රී ලංකාව හමුවේ ඇති ජාත්‍යන්තර අභියෝග පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණේ. 

ඒ පිළිබඳ මහාචාර්ය රොහාන් සමරජීව වැඩිදුරටත් කරුණු දක්වා සිටියා. 

මේ අතර ආධිපත්‍යවාදී රටවල පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම මෙම වසරේද ශ‍්‍රී ලංකාව හමුවේ ඇති තවත් ප‍්‍රබල අභියෝගයක් බව විචාරක අදහසයි. දේශපාලන විචාරක මෙහොන් සමරනායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

මෙම ජාත්‍යන්තර අභියෝග ජයගැනීමට ශ‍්‍රී ලංකාව ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

විවිධ රටවලින් සහ සංවිධානවලින් ඇති කෙරෙන බලපෑම් නිසි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ධනය බෙදීයාමේ විෂමතාවක් ඇති වී දිළිදුකම වැඩි විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එවැනි තත්වයක් යටතේ ප‍්‍රචණ්ඩත්වය ද වැඩිවිය හැකි බවටයි මත පළ කෙරුණේ.