Tuesday, May 7, 2024

General line - 0115112241

ගාස්තු අඩුකිරීමට බස් සංගම් වලින් ඉල්ලීමක්

ලහිරු කපුගේ




ඞීසල් මිල තවදුරටත් අඩු කළහොත් පමණක් බස් ගාස්තු අඩු කළ හැකි බව බස් සංගම් පවසනවා. මේ, සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත්.

ඉන්ධන මිල අඩු කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද අදහස් පළ කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඞීසල් මිල රුපියල් 02කින් අඩු කිරීම බස් ගාස්තු අඩු කිරීමට ප‍්‍රමාණවත් නොවන බවයි.