Wednesday, May 15, 2024

General line - 0115112241

පළාත් 04ක ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරු කොළඹට කැඳවයි

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් 04ක ආසන සංවිධායකවරු අද කොළඹට කැඳවා තිබෙනවා. උතුරු මැද, දකුණ, ඌව සහ මධ්‍යම යන පළාත්වල ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් මෙලෙස කැඳවා ඇති බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ.

ඔවුන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර සාකච්ජාවක් අද (13) පස්වරු 04 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේ.