Wednesday, May 15, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 15ක් අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ




මත්ද්‍රව්‍ය රැගෙන ශ‍්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 15 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. 

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් වටවල දියගල ප‍්‍රදේශයේදීයි. ඔවුන් අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවූවන්. පොලිසිය පැවසුවේ සැකකරුවන් කොළඹ, ගාල්ල සහ මාතර යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.