Wednesday, May 15, 2024

General line - 0115112241

මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු වෙයි

දිනුක් හේවාවිතාරණ




රාගම, වත්තල, කඳාන ඇතුළු අවට ප්‍රදේශ වලට මහ පරිමාණයෙන් හෙරොයින් මත් කුඩු බෙදා හැරීමේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් අද (13) අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ දිසා දුෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා. ඒ රුපියල් මිලියන දෙකක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 50 ක් සමගින්.

මෙම සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

බන්ධනාගාර ගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙක් විසින් මෙම පුද්ගලයාට දුරකථන මාර්ගයෙන් ලබා දෙන තොරතුරු අනුව හෙරොයින් ලබා ගන්නා බවත් ඔහුට හෙරොයින් ලබා දෙනු ලබන පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු නොදන්නා බවයි මුලික විමර්ශන වලදී පොලිසිය කරුණු හෙළිකරගෙන ඇත්තේ.

පෑලියගොඩ දිසා දුෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රසාද් රත්නායකට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.