Tuesday, May 14, 2024

General line - 0115112241

සිංහරාජය හරහා පාරක් කපන්නේ ණයක් ගන්නලු

සමන්ත කුමාර/ ලහිරු කපුගේ/දිල්ෂාන් තුෂාර




ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැදින් ඉදි කිරීමට සූදානම් වන මාර්ගයෙන් වනාන්තරයට හානියක් නොවන බව පෙන්වීමට ලෝක බැංකුව උත්සහ දරමින් සිටින බව පරිසර සංවිධාන පවසනවා. ඔවුන් පවසන්නේ විවිධ වරදාන වරප‍්‍රසාද ලබාදෙමින් ලෝක බැංකුව මෙම කටයුත්තේ නිරත වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ "අමෙරිකානු ඩොලර් බිලියන 45ක පමණ ණය මුදල ලබා ගැනීම සඳහා මෙම වනවිනාශය සිදු කරමින් සිටින්නේ." යනුවෙනි.

ඔහු කියා සිටියේ මෙම මාර්ගය ඉදි කිරීම සාධරණීයකරණය කිරීමට මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් එම ප‍්‍රදේශයට රැගෙන යාමට ද ලෝක බැංකුව මුදල් වැය කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පරිසර අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමයි. ඔහු කියා සිටියේ වැරදි තොරතුරු මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම අද විශාල ප්‍රශ්නයක් බවත් සිය වගකීම වන්නේ නිවරැදි තොරතුරු මාධ්‍යට ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීම බවත් සඳහන් කළා.

මේ අතර සිංහරාජ වනාන්තරය සහ කන්නෙලිය රක්ෂිතය යා කරමින් වනාන්තර කොරිඩෝවක් අලූතෙන් නිර්මාණය කිරීමේ කටයුත්තට නෙත් එෆ්. එම්. රේඩියෝව දැනටමත් උර දී අවසන්. නෙත් එෆ්. එම්. රේඩියෝවේ අරමුණ වන්නේ අදාළ ප‍්‍රදේශයේ ගස් 25,000ක් අලූතින් රෝපණය කිරීමයි.  ඒ සඳහා නෙත් එෆ් එම් රේඩියෝව ඔබවට ද ඇරයුම් කරනවා. ඒ පිළිබඳ වැඩි විස්තර 072 7 372 372 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.