Thursday, May 16, 2024

General line - 0115112241

ICC දුෂණ කමිටුව ලංකාවේ කාර්යාලයක් පිහිටුවීම ලැජ්ජාවක් - ඇමති අර්ජුණ

කසුන් කැලුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ කාර්යාලයක් මෙරට පිහිටුවීම ලැජ්ජාවට කරුණක් බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන නිලවරණයේදී සභාපතිධූරය සඳහා ජයන්ත ධර්මදාස ලබා දුන් නාමයෝජනාව කි‍්‍රකට් නිලවරණ කමිටුව විසින් අද පිළිගත්තා. ඒ, මෙවර නිලවරණයට තරග කළ හැකි අපේක්ෂකයින්ගේ නාමයෝජනා මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියට පත් කරමින්.

තිලංග සුමතිපාල පාර්ශවයෙන් සහකාර භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා භාර දුන් ගිහාන් වීරසිංහගේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 07වනදා පැවැත්වීමට නියමිතයි.