Saturday, May 18, 2024

General line - 0115112241

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 26 දෙනෙකු ඒ එස් පී තනතුරට උසස් කෙරේ




ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 26 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ඉකුත් වසරේ ජූලි මස 10 වන දින සිට කි‍්‍රයාත්මක වන පරිදියි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම උසස්වීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

මෙම පිරිස අතර වැලිකඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස වසර 03ක කාලයක් කටයුතු කළ සුදත් අස්මඩල ද සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කර තිබෙනවා.