Saturday, May 18, 2024

General line - 0115112241

ඛණිජ තෙල් සංස්ථා ගැටුමට රිමාන්ඩ් භාරයේ සිටි නාගරික මන්ත්‍රීට ඇප

අධිකරණ වාර්තාකරු




දෙමටගොඩ  පිහිටි  ඛනිජතෙල් නීතිගත සංස්ථාවට  ඇතුළු වී කළහකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී කේ.ජී කුලතිස්ස ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළා.
 
රුපියල් දහදාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින ලෙසයි විනිසුරුවරිය මෙහිදී වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ.

මේ අතර ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු සිද්ධියේ දී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් නිලධාරියා පෙබරවාරි  මස 01 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත‍්‍රාත්වරිය  නියෝග කළා. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ ඇප ඉල්ලීමද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.