Saturday, May 18, 2024

General line - 0115112241

ව්‍යවස්ථා සංශෝධනයේදී එක්ව කටයුතු කරන්න - මල්වතු මහ නාහිමියන් පවසයි

හේරත් ඒකනායක / කමල් සුරවීර




යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සියලූ දෙනාගේම එකමුතුකමින් හා සැමගේ සහයෝගය ලබා ගෙන කි‍්‍රයාකල යුතු බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල හිමියන් පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ මහ නායක හිමියන් මේ බව සඳහන් කළා. 

විපක්ෂයේ පාර්ශව යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමාජයට ඉදිරිපත් කර ඇති වැරදි තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අද (18) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥාණරතන හිමියන් ද දැනුවත් කළා. එම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුය් මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර ඇතුලූ පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මහා නා හිමිවරු බැහැදරකීමෙන් පසු අමාත්‍ය ගයන්ත කරුණාතිලකගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප‍්‍රශ්ණ කළා.


අනතුරුව එක්සත් ජාතික පක්ෂත්‍ය් නියෝජිතයින් මහනුවරදි මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල.

එම මාධ්‍ය හමුවේදී යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේබණ්ඩාර ද අදහස් පළ කළා.