Saturday, May 18, 2024

General line - 0115112241

එජාප- දෙමළ සන්ධාන ගිවිසුමක් ගැන විපක්ෂයෙන් හෙළිදරව්වක්

පසන් වික්‍රමතිලක




දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිදු ගිවිසුමක් නැතැයි ප‍්‍රකාශ කෙරුණද ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශ මගින් එවැනි ගිවිසුමක් ඇතැයි පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

මහින්ද රාජපක්ෂ මහතා අද (18) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු එම ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මෙම අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන විසින් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙහිදී අභියෝගයක් ද සිදු කළා.

මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි. 

මේ මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද රාජකාරී ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල.