Saturday, May 18, 2024

General line - 0115112241

ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුතු අරඹයි - විමල්ගෙන් ප‍්‍රකාශයක්

කසුන් කැලුම්




ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේවනවිට මූලික කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ අද (18) ප‍්‍රකාශ කළා. ඒ, කලූතර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරණය පිලිබදව තවම ප්‍රකාශයට පත් වුනේ නැහැ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම එයට ඉදිරිපත් වන්න සුදුසු කෙනා ඉදිරිපත් වේවි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න සුදානම් කියලා. එතුමා මේ වන විට අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.