Sunday, May 19, 2024

General line - 0115112241

භූගෝලීය පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වෙලා - ජනපති




ශී‍්‍ර ලංකාවේ භූගෝලීය පිිහිටීම හේතුවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යොදාගෙන ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ශී‍්‍ර ලංකා මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම් සිදුකරන බවට තොරතුරු වාර්තා වන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පිලිපීන පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මේ බව කියාසිටියා. එම මූලස්ථානයේ පිහිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්‍ෂණ චාරිකාවකටද ජනාධිපතිවරයා එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ලබාදිය හැකි තාක්‍ෂණික උපදේශන සේවාවන් පිළිබද සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.