Sunday, May 19, 2024

General line - 0115112241

එජාප පසුපෙළ මන්ත්‍රිවරු සමග එකඟතාවයකට එන්න ඒකාබද්ධ විපක්ෂය සූදානම්

දිල්ශාන් තුෂාර




නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවලිය පරාජය කිරීම සඳහා එම යෝජනාවලියට එරෙහි එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පැවසුවේ මැතිවරණ පැවැත්වීම කල්දැමීම අරමුණින් එම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවයි.

එහිදී "අපි හිතන්නේ මේක උගුලක්...ඡන්ද පවත්වන එක කල්දාගන්න...බලය බෙදීම වැඩි වුණාම රට පවත්වාගෙන යන්න බෑ. අපි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා යම් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්ද බලන්න... මේ යෝජනාව පරාජය කරන්න." යනුවෙන් සඳහන් කළා.

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවලිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සෑම දෙනාම සඳහන් කර ඇති බවයි. නායකයින් සියලු දෙනාම සෑම මැතිවරණයකදීම අලුත් ව්‍යවස්ථාවක් ගැන ඡන්ද පොරොන්දු දී තිබෙන බවද පෙන්වා දුන්නා.