Sunday, April 28, 2024

General line - 0115112241

පිල් මත් පෙති ජාවාරමේ කප්පිත්තෙක් ඇතුලට




පිල් නමැති මත්පෙති විශේෂයක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණු මත්පෙති ප‍්‍රමාණය 1500කට අධිකයි. 

අත්අඩංගුවට ගැනුණු සැකකරු පිටකොටුව මැනිං වෙළඳපොලේ පළතුරු අලෙවි කරන බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.