Thursday, May 9, 2024

General line - 0115112241

සේවකයාට පහර දී අතේ තිබූ ලක්ෂ 50 කොල්ලකරුවන් උදුරා ගනී - සේවකයාත් ඒකම කරයි




කුරුණෑගල බෞද්ධාලෝක මාවත ප‍්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 50ක මුදලක් කොල්ලකෑමට තැත් කළ පුද්ගලයෙකු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික සමාගමක සේවකයෙකු අදාළ මුදල බැංකුවක තැන්පත් කිරීමට යාමේදී මෙම සැකකරු ඇතුළු තවත් අයෙකු පැමිණ ඔහුට පහර දී මුදල කොල්ලකා තිබුණා. එහිදී අදාළ පුද්ගලයා කොල්ලකරුවන්ට පහරදී මුදල් තොගය ආපසු සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමග කුරුණෑගල පොලිසියේ නිලධාරීන් ප‍්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.