Wednesday, May 8, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර සාමි මන්ත‍්‍රී මණ්ඩල සභාවේදී ශ්‍රී ලංකාව ගැන විශේෂ ඉල්ලීමක්

ජනක අලහප්පෙරුම ලංඩනයේ සිට




බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උත්තරීතර සාමි මන්ත‍්‍රී මණ්ඩල සභාවේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් ඊයේ (05) පවත්වා තිබෙනවා.

ඒ, මෙරට 71 වන නිදහස් දිනයට සමගාමීවයි.

එහිදී ලෝර්ඞ් නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඒ පිළිබඳ ලන්ඩන් නුවර සිට වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සියයේදී 2015 වසරේදී එක්සත් රාජධානිය සම අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 31/1 යෝජනාවලිය 34/1 යෝජනාවලියත් ඉල්ලා අස්කර ගැනීමට හෝ අවලංගු කරන ලෙසට බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කෙරුණු බවයි. .